මුදල් නඩුවකින් සන්නස්ගල නිදහස්
චිත්රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි පැවසෙන සිදුවිමක් සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල ට එරෙහිව කඳාන පොලිසිය කෙටුම්පත් කළ චෝදනා ඉදිරිපත් කිරීම ප්රතික්ෂේප කළ වැලිසර මහේස්ත්රාත් තුසිත ධම්මික උඩුවවිදාන චෝදනාවන්ගෙන් ඔහු මුදාහැරීමට ඊයේ (24) නියම කර තිබෙනවා.